Wednesday, May 15, 2024

General line - 0115112241

ප්‍රධාන ගංගා පිටාර මට්ටමට ලං වෙයි - ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යට වේ




පවතින වැසි හේතුවෙන් ප‍්‍රධාන ගංගාවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. 

ප‍්‍රධාන ගංගා පිටාර ගැලීම හේතුවෙන් ප‍්‍රදේශ රැුසක පහත්බිම් ජලයෙන් යටවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. කලූ ගඟ රත්නපුර ප‍්‍රදේශයෙන් සහ ගිං ගඟ තවලම ප‍්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් මතුව ඇති බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි ප‍්‍රකාශ කළා. 

මේවනවිට ආපදා මරණ 02 ක්ද වාර්තා වී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ. 

නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් කොටපොල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට වැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද ප‍්‍රකාශ කළේ. 

කලූගග පිටාර ගැලීම හේතුවෙන් රත්නපුර දිස්ති‍්‍රක්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු ලසන්ත නිරෝෂණ ප‍්‍රකාශ කළේ. 

මධ්‍යම කඳුකරයේ බොහෝ මාර්ගවලට පස්කඳු කඩාවැටීම හේතුවෙන් මාර්ග රැසක රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ. 

පවතින අධික වර්ෂාපතනයත් සමඟ බලංගොඩ නගරය ද අද ජලයෙන් යටවුණා. 

බලංගොඩ නගරය ජලයෙන් යටවූ පළමු අවස්ථාව ද මෙයයි.  වැසි සහ දැඩි සුළං හේතුවෙන් බලන්ගොඩ තන්ජන්තැන්න ප‍්‍රදේශයේ නිවාස පහකට හානි සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.