Sunday, May 19, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිතයින් ගණන 1089ක් වෙයි




මෙරට කොරෝනා ආසාදිතයින් ඊයේ (23) දිනයේ තුළ  21 දෙනෙකු වාර්තා වු අතර ඉන් 19 දෙනෙක් නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

සෙසු ආසාදිතයින් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණි අයවලුන් බවද යුද හමුදාපතිවරයා කියා සිටියා.

මේ අතර මෙරට කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට රෝගීන් 660 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 420 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.