Sunday, May 19, 2024

General line - 0115112241

පෞද්ගලික බස් ගාස්තු එකහමාරක් කරන්න ඉල්ලයි




ලබන අඟහරුවාදා (26) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස්රථ සේවා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව මගී ප්‍රවාහන කලමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ සඳහා ලංගම මෙන්ම පෞද්ගලික බස් රථ යෙදවීමට ද කටයුතු සූදානම් කර ඇති බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ. 

මේ අතර, අන්තර් පළාත් බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමේදී මගියෙකුගෙන් සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාරක මුදලක් අය කිරීමට අවසර ලබා දෙන ලෙස පෞද්ගලික බස් රථ සංගම් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ. "බස් රථයක අඩකට මගීන් ගෙන යෑමේදී ගාස්තු එකහමාරක් අය විය යුතුයි කියලා අපි යෝජනා කළා. ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අනුව මෙම ක්‍රියාවලිය සිදු කරන බවත් මගදි බස් රථයට ගොඩ වදින්නට හැකියාවක් උදා නොවන බවද පෙන්වා දුන්නා." යනුවෙනි.

ආසන ගණනට මගීන් ගෙන යන බස් රථවල ගමන් කිරීමට මගීන් අකමැත්තක් දැක්වීම, අදාළ ඉල්ලීම සිදු කිරීමට තවත් හේතුවක් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත්, එලෙස වැඩිපුර ගාස්තු අය කිරීමට අවසර ලබා දී නොමැති බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මගී ප්‍රවාහන කලමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.