Sunday, May 19, 2024

General line - 0115112241

නීති ලිහිල් කරමින් ජනතාවට ලබාදුන් අවස්ථාව අවභාවිතා කරන්න එපා




ඇඳිරි නීතිය සහ සංචරණ සීමා ලිහිල් කෙරුණ ද කෝවිඞ්-19 වසංගතය රටෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ජනතාව තවදුරටත් වගකීම් සහගතව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ රජය විසින් ලබා දී ඇති අවස්ථාවන් ජනතාව විසින් අවභාවිත නොකළ යුතු බවයි. 

රෝග නිරෝධායන පනත යටතේ යම් යම් කරුණු සම්බන්ධයෙන් නීති සම්පාදනය සහ පවත්නා නීති යාවත්කාලීන කිරීම කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා අත්‍යාවශ්‍ය කරුණක් වන බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.