Sunday, May 19, 2024

General line - 0115112241

අන්තර්පළාත් බස් සේවා 26 වනදා සිට කි‍්‍රයාත්මක වන අයුරු පැහැදිලි කෙරේ




කොළඹ, ගම්පහ දිස්ති‍්‍රක්ක හැර සෙසු ප‍්‍රදේශවල අන්තර්පළාත් බස් සේවා ලබන 26 වනදා සිට ආරම්භ කිරීමට මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

ජාතික ගමනාගමන කොමිසමේ අද පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ, අන්තර් පළාත් බස් රථ ධාවනය සෑම දිනකම අලූයම 04.30 ට ආරම්භ කර සවස 06 ට අවසන් කිරීමටයි. 

ප‍්‍රධාන මාර්ග 05 ක් ඔස්සේ පැමිණෙන බස් රථ කොළඹ දක්වා ධාවනය නොකිරීමට ද එම සාකච්ඡාවේදි තීරණය වී තිබෙනවා. ඒ අනුව නුවර පාරේ පැමිණෙන අන්තර් පළාත් බස්රථ ධාවනය කෙරෙනුයේ නිට්ටඹුව දක්වා පමණයි. 

කොළඹ 05 පාරේ පැමිණෙන අන්තර්පළාත් බස් රථ මිනුවන්ගොඩ දක්වා පමණක් ධාවනය කිරීමටත්, ගාලූ පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ පානදුර දක්වා පමණක් ධාවනය කිරීමටත් මෙහිදී තීරණය කර තිබෙනවා. 

අවිස්සාවේල්ල හරහා කොළඹට හයිලෙවල් හෝ ලෝ ලෙවල් පාරේ මාර්ගවල ගමන් කරන අන්තර්පළාත් බස්රථ අවිස්සාවේල්ලෙන් නතර කළ යුතුයි.
 
අනුරාධපුර, පුත්තලම හා කුලියාපිටියේ සිට මීගමුව පාරෙන් කොළඹට එන අන්තර්පළාත් බස් රථ මීගමුවෙන් නතර කිරීමටයි තීරණය වී ඇත්තේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණෙන බස් රථ කොට්ටාව දක්වා පමණක් ධාවනය කෙරෙන බව ද මගී ප‍්‍රවාහන හා කළමණාකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.