Sunday, May 19, 2024

General line - 0115112241

රෝහල්ගත කොරෝනා ආසාධිතයන් ගණන 819ක් පමණයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිට සුවය ලැබූ මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 801 ක් දක්වා අද ඉහළ ගියා. 

ඒ, තවත් ආසාදිතයින් 20 දෙනෙකු අද දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. අද දිනයේ මේ දක්වා කාලය තුළ තවත් නව්‍ය කොරෝනා අසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. 

ඒ අතරින් ආසාදිතයින් 07 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර නාවික හමුදා සාමාජිකයෙක් ද ආසාදිතයින් අතර වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,630 ක් දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.

ඉන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 819 දෙනෙකු පමණයි. 

මේ අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන ද අද 403 දක්වා ඉහළ ගියා. ඒ නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් අද දිනයේ පිටව යාමත් සමගයි. 

මේ අතර කොළඹ මහ නගර සභා බලප‍්‍රදේශයට අයත් කොළඹ ධර්මාරාම පාර ප‍්‍රදේශයේදී අහඹු ලෙස තෝරා ගැනුණු නියැදි සඳහා ඡුක්‍ඍ පරීක්ෂණ අද සිදු කෙරුණා. 

කොළඹ කොටුව බාරොන් ජාතිලක මාවතේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ල අවට ප‍්‍රදේශයේ ඊයේ දිනයේදී ද ඡුක්‍ඍ පරීක්ෂණ සිදුකළ අතර එහිදී කිසිඳු ආසාදිතයෙකු හඳුනා නොගත් බවයි කොළඹ මහ නගර සභාවේ වසංගත වෛද්‍යවේදිනි වෛද්‍ය දිනූපා ගුරුගේ සඳහන් කළේ. 

ඊයේ දිනයේ පමණක් මෙරටදී ඡුක්‍ඍ පරීක්ෂණ 1,727 ක් සිදු කෙරුණු බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ. ඉන් ආසාදිතයින් 62 දෙදෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් අතර කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 26 දෙනෙකු ද වන බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.