Sunday, May 19, 2024

General line - 0115112241

වතුකරය හඬවමින් හිටපු ඇමති තොණ්ඩමන්, දැයෙන් සමු ගනියි




වතුකරයේ ප‍්‍රබල දේශපාලඥයෙකු වූ අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා වතුකරයේ ජනතාවගේ සහ සහෘදයින්ගේ සෝ සුසුම් මැද අද දැයෙන් සමුගත්තා. 

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග‍්‍රහය සහිතව අද පස්වරුවේ සිදුකෙරුණේ හැටන් නෝර්වුඞ්හි තොණ්ඩමන් කී‍්‍රඩාංගනයේදීයි. ඒ සඳහා පවුලේ සාමාජිකයින්, ලංකා කම්කරු කොංග‍්‍රසයේ නියෝජිතයින් සහ දේශපාලනඥයින් ඇතුළු 200 ක පමණ පිරිසක් සහභාගී වී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද අවමංගල්‍ය උත්සවය සඳහා එක්වුණා. 

හින්දු ආගමික චාරිත‍්‍රවලින් අනතුරුව අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය සිය සහෘදයින්ගේ කර මතින් චිතකය වෙත රැගෙන ගියේ පස්වරු 05 යි 40 ට පමණයි. 

ඒ මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් විසින් චිතකයට ගිනි දැල්වීම සිදුකළා. 

අවමංගල සභාව අමතමින් ස්තූති කථාව සිදුකළ අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් පැවසුවේ වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සිය පියා ගෙන වැඩපිළිවෙළ තමන් විසින් ඉදිරියට ගෙන යන බවයි.