Sunday, May 19, 2024

General line - 0115112241

කොරෝනා මෙරටට පැමිණෙන අවසන් වසංගතය නොවේ - ආරක්ෂක ලේකම්




කොරෝනා වසංගතය මෙරටට පැමිණෙන අවසන් වසංගතය නොවන බැවින් ඉදිරි අභියෝග සඳහා මුහුණදීමට අරමුදල් තරකර ගැනීම යුගයේ අවශ්‍යතාවක් බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. 

ඔහු මේ බව පැවසුවේ සියලූ විද්‍යුත් නාලිකා ඔස්සේ අද පෙරවරුවේ සමගාමීව විකාශය කෙරුණු ‘‘ඉටුකම’’ කොවිඞ් 19 අරමුදල සහ රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ පැහැදිළි කෙරුණු විශේෂ වැඩසටහනට එක්වෙමින්. 

මෙම වැඩසටහන සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ‘‘ඉටුකම’’ කොවිඞ් 19 අරමුදලේ කමිටු සාමාජික ලක් සතොස සභාපති නුෂාඞ් පෙරේරා සහ ප‍්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ද එක්වුණා. 

නව්‍ය කොරෝනා ආසාදිතයෙකු සමාජය තුළින් වාර්තා වීමෙන් පසු ඔහු ඇසුරු කළ පිරිස් සොයා සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශ එක්ව සිදුකරන මෙහෙයුම් පිළිබඳවද ආරක්ෂක ලේකම්වරයා එහිදී පැහැදිළි කළා. 

මෙම වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ වත්මන් වෛරස් ආසාදන තත්ත්වයන්ට මුහුණදීම සඳහා නව ප‍්‍රතිජීවක ඖෂධ නිපදවීමට දැන් කාලය එළඹ ඇති බවයි.  

අද පෙරවරු 10 සිට දහවල් 12 දක්වා මෙරට සියලූ විද්‍යුත් නාලිකා ඔස්සේ සජීවීව විකාශය කෙරුණු මෙම වැඩසටහන සඳහා සංවිධාන ශක්තිය ලබාදුන්නේ ශී‍්‍ර ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදයයි.