Sunday, May 19, 2024

General line - 0115112241

ධාවනය කෙරෙනා දුම්රිය ප්‍රමාණය වැඩි කෙරේ




රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ගමන් පහසුව වෙනුවෙන් අද සිට දුම්රිය වැඩි ප‍්‍රමාණයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 

ඒ අනුව අද දිනයේ දුම්රිය වාර 33 ක් කි‍්‍රයාත්මක බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත පැවසුවේ. සාමාන්‍ය ජනතාවට තවමත් දුම්රිය භාවිත කිරීම තහනම් වුවත්, මහනුවර සිට බදුල්ල දක්වා ඔවුන් වෙනුවෙන් අද දුම්රියක් යොදවා ඇති බව ද ඔහු මෙහිදී ප‍්‍රකාශ කළා. 

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ජුනි මාසයට අදාළ දුම්රිය වාර ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීම ද අද සිට ආරම්භ කෙරෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ලංගම බස්රථද 5000 කට වැඩි ප‍්‍රමාණයක් අද යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ. 

බස්රථවල ආසන ගණනට පමණක් මගීන් ප‍්‍රවාහනය කෙරෙන අතර මගී ජනතාව මුඛ ආවරණ පැළඳීම ද අනිවාර්යය බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා. 

ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු පෞද්ගලික බස් රථ සේවාද අද සිට සාමාන්‍ය පරිදි ධාවනයට එක්කර තිබෙනවා.