Sunday, May 19, 2024

General line - 0115112241

සේනා දළඹුවාටත් වඩා දරුණු පළගැටි විශේෂයක් රටපුරා වගාබිම් විනාශ කිරීමේ අවදානමක්




කුරුණෑගල, මාවතගම ප‍්‍රදේශයේ බෝග වගාවන් ආශි‍්‍රතව සීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති පළගැටියන් විශේෂය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සඳහා සම්පාදනය කෙරෙමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. 

මෙම පළගැටි විශේෂය පොල්, කෝපි, අඹ, බඩඉරිගු, මයියොක්කා හා කෙසෙල් ඇතුළු බෝග රැුසකට දැඩි හානි සිදුකර ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ. 

සේනා දළඹුවන් වගාවන්ට සිදුකළ හානියට වඩා මෙම පළගැටි විශේෂයෙන් වගාවන්ට වැඩි හානියක් සිදුවිය හැකි බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

පවතින තත්ත්වය සොයා බැලීම සදහා කෘෂිකර්ම බලධාරීන් ඊයේ අදාළ ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකද නිරත වුණා. මූලික පරික්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ රංචු වශයෙන් කඩා වැදී මෙම පළගැටි විශේෂය වගාබිම් විනාශ කරන තත්ත්වයට පත්ව ඇති බවයි. 

පිටෙහි කහ පැහැති ඉරි සහිත මෙවැනිම පළගැටියන් විශේෂයක් මීට පෙර ඉන්දියාවේ ප‍්‍රාන්ත රැසකින්ද වාර්තා වී තිබුණා. කෙසේවෙතත් එම පළගැටියන් සහ මෙම පළගැටියන්ගේ සම්බන්ධයක් ඇත්දැයි සොයා මේ වනවිට පරීක්‍ෂණයක්ද කි‍්‍රයාත්මකයි.