Sunday, May 19, 2024

General line - 0115112241

රට විවෘත කෙරුනත් කොරෝනා අවදානම අවසන් වී නැහැ




රට විවෘත කෙරුණත් කොරෝනා වසංගත තත්ත්වයේ අවදානම තවමත් පහව ගොස් නොමැති බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. 

ඉකුත් දින කිහිපයේදී සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිඳු තැකීමක් සිදුනොකළ සිද්ධීන් රැසක් වාර්තාවීමත් සමග එම අවදානම තවත් ඉහළ ගොස් ඇති බවයි එම සංගමයේ උප සභාපති මහාචාර්ය මනෝජ් වීරසිංහ ප‍්‍රකාශ කළේ. 

අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍ය කටයුතු සිදුකෙරුණේ ද කොරෝනා වෛරසයේ අවදානම් තත්ත්වය පිළිබඳ නොතකමින් බවයි ඔහු සඳහන් කළේ. 

මේ අතර අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවමංගල කටයුතු සිදු කෙරෙනු ආකාරය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද ඊයේ විරෝධය පළ කළා. 

එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ අවමංගල්‍ය කටයුතු සිදුකෙරුණු ආකාරය අනුව යම් හෙයකින් කොරෝනා වෛරසය ව්‍යාප්තවුවහොත් අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පවුලේ සාමාජිකයින්ට එරෙහිව නීතමය පියවර ගන්නා බවයි.