Friday, May 3, 2024

General line - 0115112241

අමෙරිකාවේ විරෝධතාවයක් මැද්දට ට්‍රක් රථයක් කඩා වදියි (PHOTOS/VIDEO)




අමෙරිකාවේ පැවැත්වෙන විරෝධතා මාලාවන් අතර වාරයේදී ට්‍රක් රථ රියදුරෙක් එම විරෝධතාවයන් පැවති මාර්ගයක් තුලට එකවර සිය රථය ධාවනය කිරීමේ පුවතක් මිනියාපොලිස් නගරයෙන් වාර්තා වනවා.

පොලිස් නිලධාරින්ගේ අමානුෂීය ප්‍රහාරයකට ලක්ව මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණයට සාධාරණයක් ඉටු කරන මෙන් ඉල්ලා පැවති මෙම උද්ඝෝෂණය ඔහු මිය ගිය මිනියාපොලිස් නගරය ආසන්නයෙන් දිවෙන මාර්ගයකදී මෙම විරෝධතාවය පවත්වා තිබෙනවා.

එම අවස්ථාවේදී එක් වරම මෙම ට්‍රක් රථය විරෝධතාකරුවන් දෙසට කඩා වැදී ඇති අතර සිද්ධියෙන් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බවයි පොලිසිය සඳහන් කලේ.

කෙසේ වුවත් ට්‍රක් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා වන බොග්ඩාන් වර්චිකෝ නැමැත්තාට විරෝධතාකරුවන් පහරදී පසුව පොලිසිය වෙතට භාර දීමට පියවර ගෙන තිබුණා.

මෙම ට්‍රක් රථ රියදුරාගේ ක්‍රියාවට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා කරුණු හෙළිවී නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.