ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆැසිස්ට් විරෝධී, සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් වන ANTIFA සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන බව එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ANTIFA සංවිධානය යනු ඇමෙරිකාවේ ක්‍රියාත්මක විශාලතම සමාජවාදී දේශපාලන ව්‍යාපාරය වන අතර එරට සිදුවන විවිධ වැඩ වර්ජන හා උද්ඝෝෂණ මෙහෙයවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ මෙම පක්ෂයටයි.
සමාජවාදී සහ ෆැසිස්ට් විරෝධි සංවිධානයක් වන මෙම සංවිධානයේ සැබෑ නායකයන් ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ නැහැ. මෙම සංවිධානයට කොතරම් සාමාජිකයන් පිරිසක් සිටීදැයි ගණනින් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි නමුත් ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ 1% - 3%ත් අතර සුලුතර පිරිසක් පමණ ANTIFA පාක්ෂිකයන් වන බවයි.
මේවනවිට ඇමෙරිකා එක්සත් ජනපදය අඩපන කරමින් සිදු කෙරෙන විරෝධතා හා උද්ඝෝෂණ මෙහෙයවීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබෙනුයේ ANTIFA සංවිධානයටයි.
ෆැසිස්ට් විරෝධි ලෙසින් පෙනී සිටිනා මෙම සමාජවාදී පක්ෂ සිය රටේ ඉදිරි ගමනට හා ඉදිරි සංවර්ධනයට බාධාවක් බවත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මින්පෙර පවසා තිබුනා.