Friday, May 3, 2024

General line - 0115112241

පොසොන් පොහොය වෙනුවෙන් ජනපති සහ අගමැති නිකුත් කළ පණිවිඩය




අදට (05) යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහොය සමාජය හා ජීවිතය දෙස තථාගත දහමට අනුව යථාර්තවාදීව බැලීමට හා අවිහිංසාවාදීව බුදු දහමේ ප‍්‍රභාව ලොවට හෙළි කිරීමට අවස්ථාවක් කර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
 
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ අභිමානවත් රටක් ලෙස ශ‍්‍රී ලංකාව ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසූ දහම හා අනු දැන වදාළ ජීවන මඟ අනුව බවයි. 

වත්මන් රජය සෞභාග්‍යමත් දේශයක් කරා රට මෙහෙයවන්නේද අතීතයෙන් ලද එම අත්දැකීම්වලට හා බුදු දහමෙන් ලද ආභාෂයයන්ට අනුගතව බව ද ජනාධිපතිවරයා සිහිපත් කරනවා. 

සැමට සාධාරණය ඉටුවන්නේ අධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිපුන් විනයගරුක හා සමෘද්ධිමත් සමාජයක දී බව තමන්ගේ විශ්වාසය වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ. ඒ අනුව වත්මන් රජය සැලසුම් සකස් කරන්නේ ද ඒවා ක‍්‍රියාත්මක කරන්නේද එම පදනම මත පිහිටා බවද ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් ප‍්‍රකාශ කර තිබෙනවා. 

--------------

මේ අතර අදට යෙදී ඇති පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ කොවිඞ් 19 වසංගතය ජය ගැනීමේ මාවතට පිවිසීමට ශ‍්‍රී ලංකාවට හැකිවී තිබෙන්නේ රටක් ලෙස සියලූ දෙනා එකාවන්ව කටයුතු කළ නිසාත් බුදුදහමේ පෝෂණය මත පිහිටා ගුණදහම් හා පිළිවෙත් පිරීම නිසාත් බවයි. 

තවත් කෙටි කලක් සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල උපදෙස් අනුව කි‍්‍රයා කළ යුතු බවද අග‍්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා. 

අග‍්‍රමාත්‍යවරයා මෙම නිවේදනය අවසන් කර තිබෙන්නේ සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා යන සම්බුද්ධ දේශනය ද සිහිපත් කරමින්. සියලූ සත්වයෝ සුවපත් වෙත්වා යන්න එහි අර්ථයයි.