Saturday, May 4, 2024

General line - 0115112241

පොලිස් සේවයේ ස්ථාන මාරු කිහිපයක්




මැතිවරණ කොමිෂන් සභාවේ ද එකඟතාව අනුව සේවා අවශ්‍යතාව සැලකිල්ලට ගෙන පොලිස් සේවයේ ස්ථාන මාරු කිහිපයක් සිදුකර තිබෙනවා. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකුට සහ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තුන්දෙනෙකුටයි මෙලෙස ස්ථාන මාරු ලබා දී ඇත්තේ.

ජේෂ්ඨ පොලිස් අධිකාරි ඞී එස් ද සිල්වා පොලිස්පති ලේකම් කොට්ඨාශයේ අධ්‍යක්ෂ - සැලසුම් තනතුරේ සිට පොලිස් පරිපාලන, දුක් ගැනවිලි විසඳුම් අධිකාරි කොට්ඨාශයේ් අධ්‍යක්ෂ ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි පී එම් ඞී පලිහක්කාර පොලිස් සංචාරක කොට්ටාශයේ අධ්‍යක්ෂ තනතුරේ සිට රත්නපුර කොට්ඨාශය වෙත සබරගමුව ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස ස්ථාන මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.

ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් ඒ රංජිත් පොලිස් පරිපාලන, දුක් ගැනවිලි විසඳුම් අධිකාරි කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුරේ සිට පුත්තලම කොට්ඨාශය වෙත පුත්තලම දිිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. ස්ථාන මාරු ලද අනෙක් ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා වන්නේ ඞී එස් වික‍්‍රමසිංහයි. ඔහු පොලිස් විභාග කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුරේ සිට විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා.

මීට අමතරව බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති තනතුරේ කටයුතු කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වී ඩබ්ලිව් ඉන්ද්‍රජිත් සාමාන්‍ය රාජකාරි සඳහා පොලිස් සුභසාධක කොට්ඨාශය වෙත මාරු කර තිබෙන බවයි වාර්තා වුණේ. ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එම් ඞී ඒ ජයන්ත තලංගම පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ලෙස පත්කර තිබෙනවා. ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කේ පී එන් දිල්රුක් මඩකලපුව කොට්ඨාශයෙ සිට තලංගම පොලිස් ස්ථානාධිපති ලෙස මාරු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

මේ අතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කේ ජී එල් ගීතාල් නුගේගොඩ කොට්ඨාශයේ භාර නිලධාරී තනතුරේ සිට විශේෂ විමර්ශනය ඒකකයේ් අධ්‍යක්ෂ ලෙස කෙරුණු පත් කිරීම අවලංගු කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සමඟ එළඹී එකඟතාවකට අනුවම මෙම පත් කිරීම අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කේ ජී එල් ගීතාල් පොලිස් සංචාරක කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස පත් කර ඇතැයිද වාර්තා  වුණා.

මෙම සියලූ ස්ථාන මාරුවීම් සහ පත් කිරීම සිදු කර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ද අනුමැතියෙන්.