Friday, May 3, 2024

General line - 0115112241

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලිහිසි තෙල් නිෂ්පාදනය ආරම්භ කරයි 




ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පළමුවරට ලිහිසි තෙල් නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ වාර්ෂික ලිහිසිතෙල් අවශ්‍යතාව කිලෝ ලීටර් 65,000ක් පමණ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පවසන්නේ. මෙතෙක් එම අවශ්‍යතාව සඳහා ලිහිසි තෙල් විදේශයන්ගෙන් ආනයනය කෙරුණු අතර ඉකුත් වසරේ දී පමණක් ඒ සඳහා වැය කර ඇති විදේශ විනිමය ප‍්‍රමාණය රුපියල් බිලියන 30ක්. 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ලිහිසි තෙල් නිෂ්පාදනය ශ‍්‍රී ලංකාවේ දීම ආරම්භ කිරීමට කලක් තිස්සේ සැලසුම් කර තිබුණා. එහෙත් විවිධ හේතූන් නිසා මෙතෙක් එහි නිෂ්පාදන කටයුතු ආරම්භ වී නොතිබුණු බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ වැඩිදුරටත් පැවසුවේ. අමාත්‍ය මහින්ද අමරවීර මෑතකදී කළ සොයා බැලීමකින් පසු වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව ඉදිකෙරුණු නවීන යන්ත‍්‍රාගාරයක ලිහිසි තෙල් නිෂ්පාදනය දැන් ආරම්භ කර තිබෙනවා. 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙලෙස ලිහිසි තෙල් නිෂ්පාදනය කරන්නේ සිපෙට්කෝ සන්නාමය යටතේයි.