Friday, May 3, 2024

General line - 0115112241

ලබන සඳුදා සිට දුම්රිය ධාවනය පෙර පැවති කාල සටහනට




ලබන සදුදා සිට සියලූ දුම්රියන් යලි පෙර පැවති කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව ශ‍්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. කෝවිඞ් 19 වසංගතයෙන් පසු ජන ජීවිතය යථාවත් කිරීමේ තවත් පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී - වාණිජ වී එස් පොල්වත්තගේ නෙත් නිවුස් වෙත පැවසුවේ.

දුම්රිය ධාවනය ලබන සදුදා සිට පෙර පැවති කාලසටහන අනුව ආරම්භ කළද දුම්රිය කිහිපයක් පමණක් තවදුරටත් ධාවනය නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

දුම්රිය කාලසටහනේ යම් වෙනස්කම් සිදුවිය හැකි බවද ඒ අනුව ඒ පිළිබඳ විමසිලිමත්ව සිටින්නැයි දුම්රිය මගින් වෙත මෙහි දී දැනුම් දීමක් කෙරුණා.