Sunday, May 19, 2024

General line - 0115112241

ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව වසා ඇතැයි අසත්‍ය පුවතක් අන්තර්ජාලයේ




ත‍්‍රිපෝෂ කර්මාන්ත ශාලාව වසා දමා ඇතැයි පැතිර යන රාවයන් සත්‍යයෙන් තොර බව එහි සභාපති දීප්ති කුලරත්න පවසනවා. 

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු‍ සපයා ගැනීමේ ගැටලූ‍වක් පමණක් මේ දිනවල පවතින බවයි.

ත‍්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු‍ සපයා ගැනීමට නොහැකිවී ඇති හේතුව ද මෙහිදී විස්තර කෙරුණා.

ත‍්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා වාර්ෂිකව රජය වැය කරන මුදල රුපියල් බිලියන තුනක් පමණ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ගර්භනී කාන්තාවන් කිරි දෙන මවුවරුන් සහ අඩු බර දරුවන් සඳහායි ත‍්‍රිපෝෂ ලබා දෙන්නේ.