Tuesday, May 7, 2024

General line - 0115112241

මහ මැතිවරණය පැවැත්විය හැකියි - මැතිවරණ කොමිසමේ සභාපති




සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව මහමැතිවරණය පැවැත්වීමට හැකියාවක් ඇති බව අද පැවති ආදර්ශ මැතිවරණයෙන් පෙනී ගිය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසනවා. 

අම්බලන්ගොඩ විලේගොඩ ධම්ම යුක්තිකාරාම විහාරස්ථානයේ අද පැවති එම ආදර්ශ මැතිවරණයෙන් පසු මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව කියා සිටියා. 

ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ඡන්ද දායකයන්ගේ දෑත් පිරිසිදු කිරීම සඳහා විෂබීජනාශක දියර යොදා ගැනීමට ද මෙහිදී තීරණය වූ බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ. මහමැතිවරණයට වැය වන වියදම ගණනය කිරීමට සිදු වන්නේ තවත් දෙසතියකින් පමණ බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මහමැතිවරණය පැවැත්වීම ප‍්‍රවේශම්කාරීව සිදු කළ යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා.