Tuesday, May 7, 2024

General line - 0115112241

සිරිකොතේ උණුසුම් තත්ත්වයක්




එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයින් පිරිසක් එක්කර ගැනීම මෙම රැස්වීමේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

අර්ජුන රණතුංග, සන්දිත් සමරසිංහ, නාලක කොලොන්නේ, පාලිත තෙවරප්පෙරුම යන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය හිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

කස්තුරි අනුරාධනායක, ශාන්තිනී කෝන්ගහගේ, හස්මි තාසිම්, චානක අයිලප්පෙරුම යන අයට ද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ලබා දීමට නියමිතව තිබෙනවා. 

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත  පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති වෘත්තීය සමිති නියෝජිත හමුවේදී උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.