Friday, May 3, 2024

General line - 0115112241

ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක්




ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන් වරයෙක් පත් කොට තිබෙනවා. ඒ මහජන පැමිණිලි සහ දුක්ගැනීවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම වෙනුවෙන්.

ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කලේ විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ එම ධුරය සඳහා පත් කොට ඇති බවයි.

පරිපාලන බලතල ක්‍රියාත්මක කිරිමේදී රාජ්‍ය නිලධාරින් වෙතින් වගකීම් පැහැර හැරිමක් හෝ සීමාව ඉක්මවා ක්‍රියා කිරිමක් සිදුව තිබේනම් හා ඉන් මහජනයාට අපහසුතාවයක් හෝ පීඩාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා විසඳුම් දීම ඕම්බුස්මන් කාර්යාලය ස්ථාපනය කිරිමේ පරමාර්ථය වනවා.

මෙම කාර්යාලය කොළඹ 01, ජනාධිපති මාවතේ පිහිටි පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැගිල්ලේ 03 වැනි මහලේ පිහිටා ඇත.

එහිදී ජනතාවට පෞද්ගලිකව සිය දුක් ගැනිවිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව සලසා දී ඇත.

එසේත් නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔම්බුඩ්ස්මන්, ජනාධිපති කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට තැපැල් මගින්ද, 011-2338073 ෆැක්ස් අංකය හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ සිය පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව ඇත.

ජන ජිවිතයේ සාමකාමී පැවැත්මට හානිකර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, පරිසර හානි සහ නීති විරෝධී ක්‍රියා පිළිබඳ මහජන පැමිණිලි ද යොමු කළ හැකි බවයි ඕම්බුඩ්ස්මන්වරයා ප්‍රකාශ කර සිටියේ.