Friday, May 3, 2024

General line - 0115112241

පෙරහැරවල් නැරඹීමට ජනතාවට අවසර නැහැ : පෙරහැරවල් පැවැත්වීමට උපදෙස් මාලාවක්




මෙවර කවර හෝ සිද්ධස්ථානයක පවත්වනු ලබන පෙරහැරවල් සහභාගීවීමට සහ එය නැරඹීමට මහජනතාවට අවසර නොලැබෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා.

වාර්ෂික පෙරහර මෙවර සංවිධාන කළයුතු ආකාරය පිළිබඳව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සහභාගීත්වයෙන් අද (12) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම උපදෙස් ලබා දෙනු ලැබුවා.

සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිළමේවරුන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

මහනුවර දළදා මාළිගාව සහ කතරගම, දෙවිනුවර, සබරගමුව ඇතුළු දේවාල මුල්කර ගනිමින් පැවැත්වෙන පෙරහර කොවිඩ් මර්දනයට සහාය වෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුවිය යුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ.

මෙවර කවර හෝ සිද්ධස්ථානයක පෙරහරට සහභාගීවීමට සහ එය නැරඹීමට මහජනතාවට අවසර හිමිවන්නේ නැහැ.

යාපනයේ නල්ලූර්, ත්‍රිකුණාමලය සහ නැගෙනහිර සෙසු ප්‍රදේශවල සිට පාද යාත්‍රාවෙන් කතරගම පෙරහරට පැමිණෙන පිරිසටද මෙවර අවසර හිමිවන්නේ නැහැ.

සියලු පෙරහර අඩුම කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් සිදු කිරීමේ අවශ්‍යතාව කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අවධාරණය කළේය. විවිධ ප්‍රදේශවලින් පෙරහරට සහභාගීවන කලාකරුවන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් වාර්තාවක් ලබාගත යුතු බවට ද තීරණය කෙරිණ.

දිය කැපීමේ උත්සව ද අවම සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් කළයුතුය. දළදා පෙරහරේ කුඹල් සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කරන දින 10ම සජීවිව රූපවාහිනියෙන් විකාශය කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් කෙරුණා.