Friday, May 3, 2024

General line - 0115112241

ප‍්‍රවීන ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද සකස් කළ ‘‘සමර්ථ” ප‍්‍රශ්න පත‍්‍ර කට්ටල දැන් ලබා ගැනීමට අවස්ථාව




මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරුවන් වෙනුවෙන් සකස් කළ ‘‘සමර්ථ” ප‍්‍රශ්න පත‍්‍ර කට්ටල මිලදී ගැනීමට දැන් අවස්ථාව උදාකර දී තිබෙනවා. අලූත්ම ප‍්‍රශ්න පත‍්‍ර රටාවකට මෙම ප‍්‍රශ්න පත‍්‍ර සකස් කර ඇත්තේ ප‍්‍රවීන ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද ගුරුතුමන් විසින්.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇති මෙම ප‍්‍රශ්න පත‍්‍ර කට්ටලය, පළමු ප‍්‍රශ්න පත‍්‍රය හා දෙවන ප‍්‍රශ්න පත‍්‍රය ඇතුළු ප‍්‍රශ්න පත‍්‍ර 20ක් හා පිළිතුරු පත‍්‍ර කට්ටලයකින් සමන්විතයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප‍්‍රවීන ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද ගුරුතුමන් සඳහන් කළේ මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලයට මුහුණදීම තුළින් නව නිර්දේශයේ විභාගය හොඳින් පුහුණු වන්නට අවස්ථාව උදාවන බවයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරුවන් වෙනුවෙන් සකස් කළ ‘‘සමර්ථ” ප‍්‍රශ්න පත‍්‍ර කට්ටලය දිවයින පුරා ඇති සියලූම විජිත යාපා, සරසවි, එම්.ඞී ගුණසේන සහ සමුද්‍රා යන පොත්හල්වලින් ඔබට මිලදී ගත හැකියි.

මීට අමතරව නෙත් එෆ්. එම්. බම්බලපිටිය කාර්යාලයෙන් හා කොල්ලූපිටිය ප‍්‍රධාන කාර්යාලයෙන්ද මෙම ප‍්‍රශ්න පත‍්‍ර කට්ටලය ලබාගැනීමට පහසුකම් සලසා තිබෙනවා. ඒ පිළිබද වැඩි විස්තර 0711 95 95 95 යන අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.