Friday, May 3, 2024

General line - 0115112241

බස්නාහිර විශේෂ වැටලීමකින් 902ක් අත්අඩංගුවට




බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීමකදී පුද්ගලයින් 902 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් 515 දෙනෙකු වරෙන්තුකරුවන්. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 387 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 172 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් සන්තකව සිටියදීයි. තවත් 99 දෙනෙකු නීතිවිරෝධී මත්පැන් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (14) අලූයම 6.00 සිට සවස 5.00 දක්වා මෙම වැටලීම් සිදු කෙරුණා. මීට අමතරව අතුරුගිරිය පොලීසිය මගින් මාවා නමැති මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රැම් 6 යි ග‍්‍රෑම් 950 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.