Friday, May 3, 2024

General line - 0115112241

යුද හමුදා කදවුරක් ඉදිරිපිට තිබූ පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක් හමු වෙයි

දිනසේන රතුගමගේ/මාධව කුලසූරිය




යුධ හමුදා 573 බළසේනා මූලස්ථානය ඉදිරිපිට මාර්ගය අසළ තිබී සැක කටයුතු පාර්සලයක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ පුපුරණ ද්‍රව්‍ය සහිතව මෙම පාර්සලය සකසා තිබු බවයි.

කිලිනොච්චිය, කණ්ඩාවලෙයි ප‍්‍රදේශයේ පිහිටි කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් මෙම කඳවුර ඉදිරිපස අදාළ පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක් පවතින බව දැක යුධ හමුදා බෝම්බ නිශ්කී‍්‍රය අංශය කැඳවා අදාළ පාර්සලය නිශ්කී‍්‍රය කිරීමට ද කටයුතු කර තිබෙනවා.

කිසියම් අයකු අදාළ පාර්සලය කඳවුර ඉදිරිපිටට ගෙනවිත් දමාගොස් ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ. අදාල පාර්සලයේ ඇති පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් සොයාබැලීමට ඒවායේ සාම්පල ලබාගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.