Friday, May 3, 2024

General line - 0115112241

බුද්ධි අංශ නිලධාරියට මරු කැඳවූ ඩිෆෙන්ඩර් රියදුරු 19 වෙනිදා දක්වා රිමාන්ඩ් 




රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව රාජකාරි සිදුකළ පොලිස් නිලධාරියා ජිවිතක්ෂයට පත් කරමින් පසුගිය 11 වෙනිදා බම්බලපිටිය, හැව්ලොක් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සිදුකළ රියදුරා මෙම මස 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියෝග කර තිබෙනවා.

රිය අනතුර සිදුකළ බව කියන ඩිෆෙන්ඩර් රථය පැදවූ 24 හැවිරිදි නීති ශිෂ්‍යයා පොලිසිය විසින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද දිනය දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

ඒ අනුව අද දිනයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී පොලිසිය විසින් අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කළ අතර ඒ අනුව ඩිෆෙන්ඩර් රථයේ රියදුරුව මෙම මස 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කරනු ලැබුවා.