Friday, May 3, 2024

General line - 0115112241

මැතිවරණ කොමිෂන් සභාව තීරණ කිහිපයක් වෙනුවෙන් හෙට රැස්වේ




මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වීමට නියමිතයි. ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදීයි. 

ආරංචි මාර්ග සදහන් කළේ හෙට පැවැත්වෙන මෙම රැස්වීමේ දී තැපැල් ඡන්ද භාවිත කරන දින ප‍්‍රකාශයට පත් කිරිමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. අගෝස්තු 05 වනදා මහ මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වන පළමු අවස්ථාව ද මෙය වනවා. 

මේ අතර ඉකුත් දින දෙකේ ප‍්‍රදේශ කිහිපයක පැවති පෙරහුරු මැතිවරණවල ප‍්‍රගතිය සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේ දි සාකච්ඡා කිරිමට නියමිතයි. නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක පැවසුවේ පැවති පෙරහුරු මැතිවරණ සාර්ථක වූ බවයි.

මැතිවරණයේදී අනුගමනය කිරීමට අපේක්‍ෂිත සියළු සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද මෙහිදීද අනුගමනය කළ බව ඔහු කියාසිටියා. සෑම ජන කොටසක්ම මෙන්ම විවිධ වූ පාරිසරික තත්ත්වයන් ඇති ප‍්‍රදේශවලද නව ක‍්‍රමවේද අනුගමනය කළ හැකි දැයි මෙහිදී අත්හදා බැලූ බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කළා.