Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දියාවේ දුම්රිය 500ක් කොරෝනා රෝහල් කෙරේ




කොරෝනා වෛරසයේ සීග‍්‍ර ව්‍යාප්තියත් සමග ආසාදිතයින්ට ප‍්‍රතිකාර කිරීමේදී ඉන්දීය සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයකට මුහුණපා සිටිනවා. ඒ ප‍්‍රමාණවත් පහසුකම් හිගවීම හේතුවෙන්.

ඒ අනුව තවත් දුම්රිය 500 ක් කොරෝනා ආසාදිතයින්ට ප‍්‍රතිකාර කරන රෝහල් බවට පත් කිරීමටයි තීරණය කර ඇත්තේ. එහි ස්ථාපිත කිරීමට අපේක්‍ෂිත ඇදන් සංඛ්‍යාව 8,000 කට අධිකයි.

ඉකුත් දින කිහිපයේම ඉන්දියාවෙන් දෛනිකව 12,000 කට ආසන්න රෝගීන් පිරිසක් වාර්තා වුණා. නවතම වාර්තාවන්ට අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන තුන් ලක්‍ෂ 32,783 ක්.

මේ අතර චීනයෙන්ද දෛනිකව තවදුරටත් කොරෝනා ආසාදිතයින් අලූතින් වාර්තා වෙමින් තිබෙනවා. බීජිං නුවරින් පමණක් අලූතින් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 36 ක්. මෙය සැලකෙන්නේ දින 50 කට වැඩි කාලයකින් පසු බීජිං නුවරින් කොරෝනා ආසාදිතයින් වාර්තා වූ පළමු අවස්ථාව ලෙසයි.