Tuesday, May 14, 2024

General line - 0115112241

එන්.ජී.ඕ ‍යෂ්මින් සූකාගෙන් වන්දි ඉල්ලා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයිගෙන් එන්තරවාසියක්




ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබද ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්‍ෂිකා යෂ්මින් සූකාගෙන් වන්දි ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි විසින් එන්තරවාසියක් යොමුකර තිබෙනවා. 

ඒ, ඇය විසින් සුරේෂ් සලෙයි සම්බන්ධයෙන් සිදුකර තිබූ ප‍්‍රකාශයක් පදනම් කර ගනිමින්. අදාළ එන්තරවාසිය මගින් ඔහු දක්වා ඇත්තේ යුද අපරාධවලට සම්බන්ධ බවට, තම ජීවිතයටද හානියක් විය හැකි අයුරින් සාවද්‍ය තොරතුරු ප‍්‍රකාශ කරමින් ඇය තමාගේ කීර්ති නාමයට හානියක් සිදුකළ බවයි. 

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතනයටද මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයිගේ සම්බන්ධයක් ඇති බවට යෂ්මින් සූකා ප‍්‍රකාශ කර තිබුණා. 

කෙසේවෙතත් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි පවසන්නේ අදාළ සිද්ධිය සිදුවන කාලසමයේ තමන් ශී‍්‍ර ලංකාවේ පවා නොසිටි බවයි. එම සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව දින 14 ක් ඇතුළත අදාළ ප‍්‍රකාශය නිවැරදි කරන ලෙසටත් එසේ නොකරන්නේ නම් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා නඩු මගට පිවිසෙන බවටත් දන්වා තිබෙනවා. මෙය සැලකෙන්නේ මෙරට හමුදා ප‍්‍රධානියෙකු ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක නිලධාරිණියකට එරෙහිව එන්තරවාසියක් යොමුකළ පළමු අවස්ථාව ලෙසටයි.

රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරිණියක් ලෙස ප‍්‍රකට යෂ්මින් සූකා ශී‍්‍ර ලංකාවට එරෙහිව දිගින් දිගටම ජාත්‍යන්තරය හමුවේ හඩ නැගූ කාන්තාවක් ලෙසටයි සැලකෙන්නේ. ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබද නිලධාරිණියක්ද වනවා. ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම විසින් සකස් කරන ලද දරුස්මාන් වාර්තා කමිටුවේ ද යෂ්මින් සූකා සාමාජිකත්වය දැරුවා.මි