Tuesday, May 14, 2024

General line - 0115112241

නිරෝධායන රීති කඩකල වෙළදුන්ට වැඩ වරදියි




කොරෝනා හේතුවෙන් අවදානම් කලාපයක් ලෙස නම් කර තිබූ පුත්තලමේ සිට කිසිදු අවසරයකින් තොරව අනුරාධපුරයට පැමිණ එලවලූ අලෙවි කල වෙළෙදුන් තිදෙනෙකුට ලබන 26 අධිකරණයේ පෙනී සිටින ලෙස අද නියෝග කෙරුණා. 

ලොරි රථයකින් එලවලූ අලෙවි කරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට පත්ව තිබුණේ ඉකුත් මැයි මස 4 දායි. ඒ, අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සිදුකළ පරීක්‍ෂාවකදීයි. 

අවදානම් කලාපයක සිට වෙනත් ප‍්‍රදේශයකට ගමන් කිරීමේදී අනිවාර්යෙන් තිබිය යුතු වෛද්‍ය සහතියක් ද ඔවුන් සතුව නොතිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.