Friday, May 3, 2024

General line - 0115112241

බූස්ස බන්ධනාගාර ප‍්‍රධානියෙකුගේ නිවසට ජීව උණ්ඩ දමා යාමේ සිද්ධිය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක්




බුස්ස බන්ධනාගාරයේ නියෝජ්‍ය ප‍්‍රධාන ජේලර්වරයාගේ බුස්ස, පන්සල පාරේ පිහිටි නිවසේ ප‍්‍රධාන දොර අසල පඩිපෙල මත තිබි ජිව උණ්ඩ 05ක්  සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. 

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් ඔහු විසින් පොලීසියට කරන ලද දැනුම්දීමකට අනුවයි. 

උණ්ඩ 4 ක කිසියම් පුද්ගලයෙකුගේ නමක්ද සටහන් කර තිබූ බවයි පොලීසිය පැවසුවේ. පසුව රත්ගම පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින් විසින්, පොලිස් සොකෝ නිලධාරින්,  ඇගිලි සලකුණු නිලධාරින් හා නිල සුනඛයකු ගෙන්වා මේ සම්බන්ධ පරික්ෂණ ආරම්භ කරනු ලැබුවා.