Saturday, May 4, 2024

General line - 0115112241

මෛත්‍රීගේ රැස්වීමක් මැතිවරණ කොමිසම නවතයි




හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී අද පැවැත්වීමට සුදානම් කර තිබු උත්සවයක් මැතිවරණ කොමිසම නතර කර තිබෙනවා. 

මෙම උත්සවය සංවිධාන කර තිබුණේ විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසු දරු දැරියන් ඇගයීම සදහායි. හිටපු ජනාධිපතිවරයා උත්සවයට සහභාගී වී සිටියදී මැතිවරණ කොමිසමෙන් ලද නියෝගය පිළිගන්නා බව පවසමින් ඉන් පිටව ගියා.

මෙම අවස්ථාවට මැතිවරණ දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙකු පැමිණ සිටි අතර, හිටපු ජනාධිපතිවරයා උත්සවයෙන් නික්ම යන තුරුම ඔවුන් ද රැුඳි සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ. 

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයෙකු ලෙස පොළොන්නරුව දිස්ති‍්‍රක්කය සදහා නාමයෝජනා ලබාදී තිබෙනවා.