Tuesday, May 14, 2024

General line - 0115112241

භෝග වනසන පළගැටියන් මර්ධනය සාර්ථකයි - කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්




දිවයිනේ ප‍්‍රදේශ රැසකින් වාර්තා වූ බෝග වනසන පළගැටියා මේ වනවිට සාර්ථකව මර්දනය කරමින් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් පැවසුවේ මෙම පළගැටියා හේතුවෙන් ප‍්‍රධාන බෝගවලට ආර්ථික වශයෙන් විශාල හානියක් සිදුව නොමැති බවයි.

කෙසේවෙතත් ඇතැම් ප‍්‍රදේශවලින් තවදුරටත් මෙම පළගැටියන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුවහොත් කඩිනමින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළයුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

මෙම පළගැටියන් පළමුව ව්‍යාප්තවීම ආරම්භ වූයේ වයඹ පළාතෙන්. එහි වත්මන් තත්තවය සම්බන්ධයෙන්ද නෙත් නිවුස් සොයාබැලීමක් සිදුකළා. මේ, වයඹ පළාත් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ඩබ්ලිව් ඒ සීලරත්න.


මෙලෙස ඉතා කෙටි කාලයක් තුළ පළගැටියන් සීග‍්‍ර වශයෙන් වැඩිවීමට බලපෑ හේතු කිහිපයක් මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණවලදි අනාවරණ වූ බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.