Tuesday, May 14, 2024

General line - 0115112241

අර්නස්ට් පෝරුතොට පියතුමා ස්වර්ගස්ථ වෙයි 




ශී‍්‍ර ලාංකේය සිනමාවට මෙන්ම කතෝලික ජන සන්නිවේදන ක්ෂේත‍්‍රයේ උන්නතියට මහගු මෙහෙවරක් සිදු කළ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් අද අලූයම ස්වර්ගස්ත වුණා. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි. අර්නස්ට් පෝරුතොට පියතුමන් මිය යන විට 89 වන වියේ පසු වුණා.

1931 වසරේ අගෝස්තු මස 31 වන දින පෝරුතොට කරදිය ගම්මානයේදී මෙලොව එළිය දුටු ඔහු, කොටහේන ශාන්ත ලූසියා ආසන්න දෙව් මැදුරේදී පූජත්වරය ලැබුවේ 1957 වසරේදීයි. තරුණ කි‍්‍රස්තියානි කම්කරු ව්‍යාපාරයට නව පණක් දුන් උන්වහන්සේ සිග්නීස් ජාත්‍යන්තර සිනමා පර්ෂදයේ ශී‍්‍ර ලංකා ශාඛාව වූ  ඕ සී අයි සී ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයා වනවා. එමගින් ප‍්‍රතිභාසම්පන්න සිනමාකරුවන් රැසක් ශී‍්‍ර ලාංකේය සිනමා ක්ෂේත‍්‍රයට හදුන්වා දීමට ද කටයුතු කළ අයෙකු ලෙස ගරු අර්නස්ට්  පෝරුතොට පියතුමන් ගෞරවාදරයට ලක් වනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා කතෝලික රදගුරු සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ලාල් පුෂ්පදේව පියතුමන්.

අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ දේහය අද පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසට රැුගෙන ඒමට නියමිත බව ද ශී‍්‍ර ලංකා කතෝලික රදගුරු සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ලාල් පුෂ්පදේව පියතුමන් ස`දහන් කළා.