Tuesday, May 14, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන් "හර්ජාන්" වෙයි




හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිය නම හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කර ඇති බව නීතිපතිවරයා අද කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ අධිකරණය හමුවේ මේ බව කියා සිටියේ, මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව අද කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි. 

අන්තර්ජාතික පොලිසිය මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇති බව ද අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ අධිකරණය හමුවේ කියා සිටියා. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට උදර්පණ නීතිය යටතේ මේ වනවිට කටයුතු කරමින් සිටින බවත්, සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව සහ මෙරට නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගන්නා බවත්, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා. මෙම නඩුව නොවැම්බර් මස 17 වනදා යළි කැඳවීමටයි විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙහිදී දින නියම කළේ.