Tuesday, May 14, 2024

General line - 0115112241

පාසල් විවෘත කිරීමෙන් පසු පොදු ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්




පාසැල් යළි විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග පොදු ප‍්‍රවාහන සේවා මෙන්ම පාසැල් සිසු ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක කිරීම පිලිබඳව විශේෂ  සාකච්ජාවක් අද පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර හා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ජාවට අධ්‍යාපන හා ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් සහභාගි වීමට නියමිතයි.

 ඒ් අනුව මෙම සාකච්ජාවේදී සමාජ දුරස්ථභාවය මෙන්ම පාසැල් හා රජයේ පුද්ගලික අංශයේ කාර්යාල හා ආයතන වැඩ පටන් ගන්නා වේලාවන් අතර ද දුරස්ථභාවයක් තබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බවයි මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය පැවසුවේ. මාර්ග තදබදය අවම කර ගැනීමත් මෙහි තවත් එක් අරමුණක් වන බැවින් ඒ් සම්බන්ධව මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය මේ වනවිට වැඩපිළිවෙළ කිහිපයක් ද ආරම්භ කර තිබෙනවා.