Tuesday, May 14, 2024

General line - 0115112241

ඇඳිරි නීතිය පැනවූ කාලයේ CTB දුර ගමන් සේවා බස් ධාවනය නවතියි 




ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන මධ්‍යම රාතී‍්‍ර 12 සිට අලූයම 4 දක්වා කාලය තුළ දුර ගමන් සේවා බස් රථ ධාවනය ද සිදු නොවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස.

තවමත් බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව ද ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවා.

මේ අතර, පාසැල් යළි විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග පොදු ප‍්‍රවාහන සේවා මෙන්ම පාසැල් සිසු ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක කිරීම පිලිබඳව විශේෂ  සාකච්ජාවක් අද පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සහ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ප‍්‍රධානත්වයෙන්. 

මෙම සාකච්ජාවේදී සමාජ දුරස්ථභාවය මෙන්ම පාසැල් හා රජයේ පුද්ගලික අංශයේ කාර්යාල හා ආයතන වැඩ පටන් ගන්නා වේලාවන් අතර ද දුරස්ථභාවයක් තබා ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡුා කිරීමට නියමිත බවයි මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය පැවසුවේ.