Tuesday, May 14, 2024

General line - 0115112241

තැපැල් ඡන්දය උදෙසා විශේෂ වැඩපිළිවෙලක්




2020 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ජූලි මස 14, 15, 16 සහ 17 යන දිනවල සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. 

ඒ අනුව, ජූලි 14 සහ 15 දිනවල දිස්ති‍්‍රක් ලේකම් කාර්යයාල, මැතිවරණ කාර්යයාල, පොලිසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ හැර සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ට ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි මැතිවරණ කොමිසම පැවසුවේ. 

දිස්ති‍්‍රක් ලේකම් කාර්යයාල, මැතිවරණ කාර්යයාල, පොලිසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල තැපැල් ඡන්ද හිමියන්ගේ ඡුන්දය සලකුණු කිරීමට ජූලි 16 සහ 17 දින දහවල් 12 දක්වා අවස්ථාව සලසා දී තිබෙනවා. 

තැපැල් ඡන්ද පති‍්‍රකා නිකුත් කිරීම හා තැපෑලට භාර දීම මේ මස 30 සහ ජූලි මස පළමු හා දෙවන දිනවල සිදු කිරීමට නියමිතයි. 

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා තැපෑලට භාර දීම ජූලි 11, 12 සහ 13 යන දිනවල සිදු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. නිල ඡුන්ද දැන්වීම් පති‍්‍රකා බෙදා හැරීම ජූලි මස 29 වනදායින් අවසන් වනවා.