Wednesday, May 15, 2024

General line - 0115112241

ජීවන් තොණ්ඩමන්ට නව තනතුරක්




ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහ ලේකම් ධූරය, අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් වෙත පිරිනැමීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා. 

ඒ, හැටන් කොටගල ලංකා කම්කරු කොංග‍්‍රස් පදනම් කාර්යයාලයේ අද පැවති එම පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදීයි.

ලංකා කම්කරු කොංග‍්‍රසයේ මෙතෙක් මහ ලේකම් ධූරය දැරූ අනූෂා සිවරාජ්ට එම පක්ෂයේ උප සභාපති ධූරයක් පිරිනැමීමටයි පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීිරණය කර ඇත්තේ. ලංකා කම්කරු කොංග‍්‍රසයේ සභාපති ධූරයට මෙතෙක් කිසිවෙකුත් පත් කර නැහැ.