Sunday, May 12, 2024

General line - 0115112241

බිජිං අගනුවර කොරෝනා රෝගීන් 137ක් දක්වා ඉහලට : ගුවන් යානා දහසක් අවලංගුයි (PHOTOS)




නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමග චීනයේ බීජිං අගනුවර සිට ගමන් අරඹන ගුවන් යානා 1000 කට අධික සංඛ්‍යාවක් අත්හිටුවීමට බලධාරින් විසින් පියවර ගෙන තිබෙනවා.

ඊට අමතරව අගනුවර පිහිටි සියලුම පාසැල් සහ නගරයේ ප්‍රදේශ 27ක් සම්පුර්ණයෙන් වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර අගනුවර පිහිටි ඇතැම් හෝටල්, ආපනශාලා සහ රාත්‍රී සමාජ ශාලා රැසක්ද වසා දමා ඇත්තේ වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බිජිං අගනුවර සම්පුර්ණයෙන්ම වසා දැමීමේ අවධානමක් පවතින් හෙයින් බවයි වාර්තා වන්නේ.

අද දිනයේදී ද බිජිං නගරයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 31ක් දෙනෙක් වාර්තා වූ බවත් ගතවූ දින 06ක් වැනි කාලයක් තුල සමාජය තුලින් සොයා ගනු ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 137ක් වනවා.

බිජිං අගනුවර වෙසෙන මිලියන 21 කට අධික ජනතාවගෙන් සීයයට 80 කට අවශ්‍ය එළවළු, මස් මාංශ සැපයීම සිදුකරන Xinfadi වෙළදපොලින් මෙම වෛරස පොකුරේ පළමු රෝගියා වාර්තා වුවා.

එලෙස සොයා ගනු ලැබූ රෝගියාට යුරෝපයෙන් ආනයනය කරනු ලබන සැමන් මත්ස්‍යයින් ගෙන් වෙළදපොළේ වෛරසය සම්ප්‍රේෂණය වන්නට ඇති බවට සැක මතුවී තිබෙන බවයි චීනයේ මාධ්‍ය වාර්තා කර සිටියේ.

කෙසේ වුවත් මත්ස්‍යයින් හරහා වෛරසය මිනිස් ශරීරගතවීමක් සිදු වීමට හැකියාවක් නොමැති බවයි චීන මහජන සෞඛ්‍ය කොමිසමේ විශේෂඥයින් ප්‍රකාශ කර සිටින්නේ.