Wednesday, May 15, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තවත් හතක් ඇතුලට




හෙරොයින් සහ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 07 දෙනෙකු මහනුවර පොලිස් වසමේ තල්වත්ත ප‍්‍රදේශයේදී හා පල්ලෙකැලේ පොලිස් වසමේ මහවැලිගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, තලාතුඔය පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරට කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළත්. 

සැකකරුවන් සතුව තිබී අයිස් ග‍්‍රෑම් 46 ක්, හෙරොයින් ග‍්‍රෑම් 06 යි මිලිග‍්‍රෑම් 130 ක්, කේරළ ගංජා ග‍්‍රෑම් 50 ක් සොයාගෙන තිබෙනවා. ඔවුන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදාගත් මෝටර් රථ 02 ක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 25 ත් 42 ත් අතර වයස් කාණ්ඩවල පසුවන මහනුවර, කුණ්ඩසාලේ, පුත්තලම හිඟුරාන සහ නොරොච්චෝලේ ප‍්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.