Sunday, May 12, 2024

General line - 0115112241

දේශ සීමා අධීක්ෂණයට නවසීලන්ත අගමැතිනිය හමුදාව යොදවයි




නවසීලන්තයේ දේශ සීමා පාලනය අධීක්ෂණය කරන ලෙස අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආඞ්න් එරට හමුදාවට නියෝග කර තිබෙනවා. ඒ, කොරෝනා ව්‍යාප්තිය තුරන් කළ බවට නවසීලන්තය නිවේදනය කර දින කිහිපයකට පසු එරටින් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවීම හේතුවෙන්.

දේශ සීමා ඔස්සේ තවත් කොරෝනා ආසාදිතයින් නවසීලන්තයට පැමිණීම වැළැක්වීම සදහා දැඩි පාලනයක් සහ විනයක් අවශ්‍ය බවත්, එම විනය පවත්වා ගැනීම හමුදාවට කළ හැකි බවත්, අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආඞ්න් ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව, මේ වනවිට නවසීලන්ත දේශ සීමා විවෘත වන්නේ එරට පුරවැසියන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පමණයි. 

මේ වනවිට ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන අසූතුන්ලක්ෂ 1`0,293 ක්. ලොව පුරා කොරෝනා මරණ හාරලක්ෂ 47,363 ක් ද වාර්තා වනවා. මේ අතර, ඉන්දියාවෙන් පැය 24 ක් තුළ කොරෝනා මරණ 2,006 ක් වාර්තා වුණා. එම සංඛ්‍යාව දිනකදී එරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. ඒ අනුව ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,029 ක්. එරටින් සමස්ත ආසාදිතයින් තුන්ලක්ෂ 59,506 ක් වාර්තා වනවා.