Friday, May 17, 2024

General line - 0115112241

නැවත දැනුම් දෙන තුරු දිනපතා රට පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්




නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත‍්‍රී 08.00 සිට පසුදා අලූයම 04.00 දක්වා කාලය තුළ සෑම පොලිස් වසමකම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන ලෙස වැඩ බලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න උපදෙස් ලබා දී තිබෙනවා.

පසුගිය දින කිහිපයක දත්ත පරිශීලනය කිරීමේදී රිය අනතුරුවල යම් ඉහළ යාමක් නිරීක්ෂණය වීම හේතුවෙනුයි වැඩ බලන පොලිස්පතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

එක් පොලිස් වසමක් තුළ පැය 02  කාලයක් අවම වශයෙන් මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන ලෙසයි වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ.