Monday, May 13, 2024

General line - 0115112241

2020 මැතිවරණය ජය ගන්න ට්‍රම්ප් චීන ජනපතිගෙන් උදව් ඉල්ලුවා : අමෙරිකාවේ හිටපු ආරක්ෂක උපදේශක හෙළි කරයි 




2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා තමන්ට උපකාර කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින් පිංගෙන් පුද්ගලිකව ඉල්ලා සිටිය බව අමෙරිකාවේ හිටපු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හෙළිකර තිබෙනවා. ඔහු මේ බව හෙළිකර ඇත්තේ සිය නවතම කෘතියෙන් බවයි CNN පුවත් සේවය ප්‍රකාශ කර සිටින්නේ.

ඉකුත් වසරේ ඔසාකා හි පැවති ජී-20 සමුළුවේදී චීන ජනාධිපතිවරයා විසින් උයිගර් මුස්ලිම්වරුන් රඳවා තබා ගැනීම සඳහා සිය රටෙහි ඉදිකෙරෙන කඳවුරු ගැන අමෙරිකානු ජනාධිපතිවරයාට කරුණු පැහැදිළි කළ බවත් එය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවට ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළ බවට හිටපු ආරක්ෂක උපදේශකවරයා සිය කෘතියෙහි කරුණු වාර්තා කර තිබෙනවා.

ඔසාකාහි පැවති ජී -20 සමුළුව අතර වාරයේදී චීන ජනාධිපතිවරයා අතර පැවති තවත් හමුවකදී කිසිවෙකුත් අපේක්ෂා නොකළ අයුරින් ජනාධිපති ට්‍රම්ප් 2020 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කතා කිරීමට ආරම්භ කළ බව හිටපු ආරක්ෂක උපදේශකවරයා සිය කෘතියෙන් හෙළිකර තිබෙනවා. 

එම සාකාච්ජාවේදී අමෙරිකාවේ ගොවින් නිෂ්පාදනය කරන සෝයා බෝංචි සහ තිරිඟු පිටි වැඩි වශයෙන් මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප් විසින් චීන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය බවත් මැතිවරණයේදී ගොවීන්ගේ හැසිරීම මැතිවරණයේදී ප්‍රධාන සාධකයක් වන බව එහිදී ඔහු කියා සිටිය බවයි ජෝන් බෝල්ටන් සිය කෘතියේ සඳහන් කර ඇත්තේ.