Sunday, May 19, 2024

General line - 0115112241

MCC ගිවිසුම නව රජය යටතේ අත්සන් කිරීමට සුදානමක් නෑ - අසත්‍ය ප්‍රචාරයකට බන්දුලගෙන් පිළිතුරු




මහමැතිවරණයෙන් පසු MCC ගිවිසුම අත්සන් කිරීමේ සූදානමක් පවතින බවට ඇතැමුන් සිදු කරන ප‍්‍රකාශ අසත්‍ය බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. 

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

වත්මන් රජයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමේ සූදානමක් ඇති බවට පළ වන වාර්තා ද සාවද්‍ය බවයි අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.