Sunday, May 19, 2024

General line - 0115112241

"මැලේසියාවෙන් එවූ පාර්සල්හි ලිපින මුද්‍රණයේ දෝෂයක්, ලිපින පැහැදිලි නෑ" තැපැල්පති කරුණු කියයි




අන්තර්ජාලය හරහා ඇනවුම් කර ඇති තැපැල් භාණ්ඩ නොලැබීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව තැපැල් සේවකයින්ට එල්ල කරන චෝදනා පදනම් විරහිත බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසනවා. 

අන්තර්ජාලය ඔස්සේ විවිධ වෙබ් අඩවි මාර්ගයෙන් ඇනවුම් කළ තැපැල් භාණ්ඩ අඩංගු බහාලූමක් මැලේසියානු තැපැල් පරිපාලනය විසින් මේ මස දෙවන සතිය තුළ ශී‍්‍ර ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බවයි තැපැල්පතිවරයා පවසන්නේ. 

එම බහාලූමෙහි තැපැල් මගින් යොමු කළ කුඩා පාර්සල්  45,000 කට ආසන්න ප‍්‍රමාණයක් අඩංගුව තිබෙනවා. කෝවිඞ් 19 වසංගතය පැතිරීමට ප‍්‍රථම මැලේසියානු තැපැල් පරිපාලනය වෙත භාර දී ඇති එම භාණ්ඩ මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් ඇත්තේ මාස 3 කට අධික කාලයක් ප‍්‍රමාද වී බවයි තැපැල්පති රංජිත් ආරියරත්න පවසන්නේ. 

ප‍්‍රමාද වී ලැබුණු එම භාණ්ඩවල ලිපිනයන් මුද්‍රණය සඳහා යොදාගෙන ඇති තාක්ෂණයේ දුර්වලතාවක් හේතුවෙන් එම ලිපිනයන් කියවිය නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා. 

ඒ හේතුවෙන් එම භාණ්ඩ බෙදා හැරීමට නොහැකි වී ඇති බව ද තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළා.