Sunday, May 19, 2024

General line - 0115112241

ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන ජනපතිගෙන් විමර්ශනයක් ඉල්ලයි




2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය සහ කී‍්‍රඩා අමාත්‍යංශය වහාම අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ, ශී‍්‍ර ලංකාව අවසන් මහ තරගය පාවා දුන් බවට හිිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ ආන්දෝලාන්තමක ප‍්‍රකාශය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින්. එම ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙවැනි චෝදනා බරපතල වන අතර සැවොම ආදරය කරන කි‍්‍රකට් කී‍්‍රඩාවේ ප‍්‍රතිරූපයට ද මෙය කැළලක් ඇති කරන බවයි. 

2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ මුම්බායි නුවර වන්කඬේ කී‍්‍රඩාංගණයේ ඉන්දියාව සමග පැවති අවසන් මහ තරගය ජය ගැනීමට ශී‍්‍ර ලංකාවට අවස්ථාව තිබූ බවත්, එය යම් කිසි පාර්ශ්වයක් එක්ව පාවා දුන් බව තමන්ට හැගෙන බවත් හිටපු කි‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ප‍්‍රකාශ කර තිබුණා.

මේ අතර මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් එවක එක්දින කණ්ඩායමේ නායකයා වූ කුමාර් සංගක්කාර ද ඊයේ ට්ටවිටර් සටහනක් තබමින් සදහන් කළේ අවසන් මහ තරගයේදී පාවාදීමක් සිදුව ඇතැයි කිසිවෙක් චෝදනා කරන්නේ නම් එම පාර්ශ්වය ඒ බව සනාථ කෙරෙන සාක්ෂි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයට ඉදිරිපත් කළ යුතු බවයි. 

එම අවසන් මහා තරගයේදී ශතකයක් වාර්තා කළ මහේල ජයවර්ධන මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ ට්විටර් සටහනකින් ප‍්‍රතිචාර දක්වා තිබුණා. එහි දැක්වුණේ මැතිවරණ ආසන්නයේදී සංදර්ශන ආරම්භ වී ඇති බවයි. නම් සහ සාක්ෂි තිබේ ද? යනුවෙන් ද මහේල ජයවර්ධන සිය ට්විටර් සටහනින් දක්වා තිබුණා.

හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර අනුර කුමාර දිසානායක ද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.