Sunday, May 19, 2024

General line - 0115112241

වැලිසර නාවික හමුදා කඳවුරේ කටයුතු යළි සාමාන්‍ය පරිදි - රෝහල විවෘත කිරීම පමණක් පමා කෙරේ




වැලිසර නාවික හමුදා කඳවුරේ කටයුතු යළි සාමාන්‍ය පරිදි සිදුකළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හට දන්වා තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාලවරයා ලිපියක් මගින් තමන්ට ඒ බව දන්වා සිටි බවයි නාවික හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

වැලිසර නාවික හමුදා කඳවුර තුළ නව්‍ය කොරෝනා වෛරසය ව්‍යාප්තවීම මේවනවිට පාලනය කර ඇති බව සෞඛ්‍ය අංශ මගින් නාවික හමුදාව වෙත දන්වා තිබෙනවා. කෙසේවෙතත්, වැලිසර නාවික හමුදා රෝහල පමණක් ලබන 25 වනදායින් පසු විවෘත කරන ලෙසයි සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත්තේ. 

මේ අතර ඊයේ (18) දිනයේදී මෙරටින් නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 22 දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදනය වූ පුද්ගලයින්ගේ සමස්ථ සංඛ්‍යාව 1946 ක්. ඉන් 1421 දෙනෙකු මේ වනවිටත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.