Monday, May 6, 2024

General line - 0115112241

මාධ්‍ය හැඳුනුම්පත් ගැන පැතිර යන අසත්‍ය ප‍්‍රචාරවලට රජයෙන් පිළිතුරු




මාධ්‍ය හැදුනුම්පත් නිකුත් කිරීමේ ක‍්‍රියාවලිය ආරක්ෂක අමාත්‍යංශයේ පාලනයට නතුවී ඇති බවට විපක්ෂය නගන චෝදනා රජය අද ප‍්‍රතික්ෂේප කළා. ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මාධ්‍ය හැදුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයට කිසිදු බලයක් පවරා නොමැති බවයි.

මාලඹේ කොටුව යෝජිත සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ නව සැලසුමකට අනුව මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු කෙරෙන බවයි.