Tuesday, May 7, 2024

General line - 0115112241

අගමැතිට තැපෑලෙන් එවූ රුපියල් 5000 එහි හිමිකරුගේ අතින්ම ජනපතිට




අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම යැයි සඳහන් කරමින් රුපියල් 5000 ක නෝට්ටුවක් සමගින් අරලියගහ මන්දිරයට ලිපියක් යොමු කළ මැදිරිගිරියේ පදිංචි හිටපු ගම්සභා සභිකයෙක් වන 86 හැවිරිදි එස්.බි. හේවාහැට තම අතින්ම එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබුවා.

ජේෂ්ඨ පුරවැසියෙකු ලෙස තමන්ගේ සමාජ වගකීම ඉටු කිරිමට ඉදිරියට පැමිණි ඔහුගේ අතින්ම එම මුදල් ජනාධිපතිවරයාගේ අතට එය භාර කිරිමට අවශ්‍ය කටයුතු යොදන මෙන් දැනුම් දී සිටියා.

ජනාධිපතිවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් මිරිසවැටිය පුදබිමේදී පැවති ආගමික වතාවත් වලින් පසුව 86 හවිරිදි ඔහුගේ අතින්ම කොවිඩ් 19 සෞඛ්‍ය සහ සමාජ සුභාරක්ෂණ අරමුදල වෙත එය බැර කිරිම සඳහා ජනාධිපතිවරයා ගේ අතට එය භාර දෙනු ලැබුවා.